Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

මෝදර දී රුපියල් ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය සොයාගනී





අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

එම මත්ද්‍රව්‍ය තොගය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන් එක් අයෙක් කාන්තාවකි.

ඇය සතුව තිබී අයිස් ග්‍රෑම් 250ක්, හෙරොයින් ග්‍රෑම් 500ක් සහ හෑෂ් කිලෝග්‍රෑම් 1ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 95ක් බවය. 

මෝදර පොලීසියේ නිලධාරීන් අද දහවල් අදාළ ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි ත්‍රීරෝද රථයක් එලෙස පරීක්ෂාවට ලක්කර තිබුණි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'