Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

රෙද්දකින් එතූ දරුවෙක් පෙන්වා කල අමුතු බිස්නස් එක



රෙද්දකින් ඔතාගත් පස් හැවිරිදි දරුවා අසනීප තත්ත්වයේ පසුවන බවත් රෝහල් ගත කරන්නට රැගෙන යන බවත් පවසමින් සුඛෝපභෝගි මෝටර් රථයකින් මහනුවර හා අවට ප‍්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි මෙම යුවළ මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලූවී පීරීස් මාවතේදී රුපියල් ලක්ෂ 22 ක මුදල් හා මත්කුඩු ග‍්‍රෑම් 60 ක් සමග (9) රාත‍්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ තිස්නව හැවිරිදි සැකකාර කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන අනෙක් සැකකරු මහනුවර හෝටලයක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් ඔවුන් මහනුවර අවට පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බව මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතා කීය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'