Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මේ දැන් ජනතා අයිතියට



සම්පූර්ණයෙන් චීන පරිත්‍යාගයක් මත ඉදි කල ලංකාවේ විශාලතම වකුගඩු රෝහල අද ජනතා අයිතියට පත් උනා පොලොන්නරුවේ ඉදි වුනු මෙම රෝහල ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විවෘත කෙරුනා පෞරාණික ගෘහ නිර්මානය අනිව අක්කර 16 ක් පුරා විහිදෙන සේ නිර්මානය කර ඇති මෙම රෝහල වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ. වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'