Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

පෙම්වතියට දරුවන් 10 දෙනෙකු බිහි වූ බව පවසා ලෝකයම රවටා පෙම්වතා මුදල් ගරලා



දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 ක් බිහි කල බව ලොව පුරා මාධ්‍ය වාර්තා කලත් එම දරුවන්ගේ මව හා එම ප්‍රාන්ත රජය එම පුවත අසත්‍ය බව පසුගියදා පැවසුවා මෙම සිදුවීම පිලිබදව සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණේ එම ගැබිනි කාන්තාවගේ දරුවන්ගේ පිය වන ඇගේ පෙම්වතා මුලු ලොවටම දැඩි වංචාවක් කර ඇති බවයි එම මව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පසුගිය මාසයේ මොරොක්කෝහිදී අවිවාහක මාලියන් කාන්තාවක දරුවන් රැසක් බිහි කළ බවට ආරංචි වීමෙන් පසු ඔවුන්ට ලෝකයේ දස අතින් මුදල් ආධාර හා තෑගිබෝග ලැබුණ හැටි ගැන තම පෙම්වතා කතා කළ බවත් තමන්ටද එවැනි වාසනාවක් ලබාගන්නට ආසාව ඇති බවට ප්‍රකාශ කළ බවත්ය. තමා ගැන පළ වූ වැරදි පුවත් නිසා කිසියම් අපහසුතාවයක් ඇතිවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටියාය. තම පෙම්වතා වෙත මුදල් යැවීම නවත්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ. තමාගේ කුස තුළ සිටින දරුවන් ගැන මැවූ පුවතක් ඔස්සේ අලෙවිකරණයේ යෙදෙමින් පෙම්වතා සිදුකරන ප්‍රකාශ ගැන කම්පා වන බවත් ඇය කියා ඇත. ඔහුගෙන් බේරීමට තමා දැන් සැඟව සිටින බවත් මෙම වැරදි ආරංචි නිසා තමාට සමාජය ඉදිරියේ පෙනීසිටීමට අපහසුතාවයක් හටගෙන ඇතැයිද ඇය කියා සිටියාය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'