Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

තායිලන්ත එම්බසියට අයත් ඉඩමක හොරෙන් ඔප්පු හදා විකුණූ නීතිඥයා දැලේ





කොළඹ 7, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් පර්චස් 20ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිනූ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ ඉඩම විකුණූ පුද්ගලයා සහ මිලදී ගත් පුද්ගලයාව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම ඔප්පුව සකස් කරන ලද නීතිඥවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න බවට වාර්තා වේ.

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'