Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ඊයේ (23) ආසාධිතයින් හමුවූ ප්‍රදේශ





ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 436කි.

ඉන් 64 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන්, 41 දෙනෙකු වත්තල ප්‍රදේශයෙන් සහ 33 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

ඊයේ (23) දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 324 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 92 දෙදෙනෙකු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 318 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 58 දෙනෙකුම වැල්ලවත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 178 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් අතරට අයත්ය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'