Helabima

ඉෂාලිනිගේ නඩුව උඩු යටිකුරු කල භූමිතෙල් සාක්ෂිය





ඉෂාලිනි දැරිය පිළිස්සීමට ලක් වුයේ භූමිතෙල් වත් කිරීමෙන් අනතුරුව වන අතර එම   තැනැත්තියන් එම නිවසට කිසි දා භූමිතෙල් රැගෙන නො ආ බව පවසා සිටි 

ඒ අනුව එම නිවසට භූමිතෙල් ගෙනා පුද්ගලයා මුලින්ම හඳුනා ගැනීමට පරීක්ෂණ කරමින් සිටි.

එම පුද්ගලයා හඳුනා ගතහොත් භූමිතෙල් නිවසට ගෙනාවෙ කුමන හේතුවකටද යන්න විමර්ශන වලට බෙහෙවින් ඉවහල් වන බව පරීක්ෂණ නිලධාරියෙක් සඳහන් කළේය.

බදුදීන් මන්ත්‍රීවරයාගේ නැන්දනිය විසින් විමර්ශනවලදී කරුණු හෙළිකර ඇත්තේ නිවසේ සේවය කරන රියදුරු ලවා භූමිතෙල් ගෙන්වා ගත් බවයි.

නමුත් රියදුරාගෙන් ප්‍රශ්න කළ විට නිලධාරීන්ට ඔහු පවසා ඇති තමන් කිසිවිටකත් ඇමතිවරයාගේ නිවසට භූමිතෙල් ගෙනැවිත් නැති බවය.

එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් ලයිටරයේ එක හිමිකරු කවුද එය මෙහෙකාරියගේ කොට්ටය අසලට පැමිණියේ යන කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇත.

නිවසේ තවත් සේවිකාවක් සිය ප්‍රකාශයේදී සඳහන් කර ඇත්තේ ඇමතිවරයාගේ නිවසේ කිසිදු දිනයක භූමිතෙල් හෝ ලයිටරයක් පාවිච්චියට නොගත් බවයි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us