Helabima

ගැබිණි රාජ්‍ය සේවිකාවන්ට විශේෂ නිවේදනයක්






 ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති නිසා රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පවසා සිටි 


ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවත්  ඔහු පැවසයි 

රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දී ඇත.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us