Helabima

බටර් පැකට් දෙකක් සොරා ගත පුද්ගලයාට කළුතර පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්






රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් සොකරම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් සැකකරු සතොස පරිශ්‍රයෙන් පැනයද්දී  පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇත 

එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු වෙඩි පහර කාගෙන පලා ගිය සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය වි







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us