Helabima

රිෂාඩ් පවුල මානසික වෛද්‍ය වරයකු ලගට





රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ පවුළේ සාමාජිකයින් ගණනාවකට  අඩු වයස් දරුවන් මෙන්ම වෙනත් කාන්තාවන් ගණනාවකට ලිංගික හිංසනයන්ට වගේම පිළිස්සීම හා පහරදීම් ලක් කර ඇති බවට එල්ල වන චෝදනා සත්‍ය නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මෙන්ම ඔවුන්ගේ පවුළේ සියලු දෙනා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කොට මොළේ පරීක්ෂා කළ යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 


අමාත්‍යවරයා ඊයේ (01) මාධ්‍ය වේදීන් පිරිසකට පිළිතුරු දෙමින් පැවසුවේ 

බාල වයස්කාර දැරියක් ගිනි තබාගෙන මිය යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චෝදනා මත දැන් හෙළිවෙමින් පවතින කරුණු අනුව පෙනී යන්නේ රිෂාඩ් බදුර්දීන් මහතාගේ පවුළේ අය මෙහෙකාර සේවයට නිවසට ආ කාන්තාවන් රැසක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර ඇති බවයි. මාධ්‍ය විසින් පළ කරන තොරතුරු අනුව එම චෝදනා ඉතාමත් බරපතලයි. තමන්ගේ නිවසට මෙහෙකාර සේවයට ආ කාන්තාවන් ඒ අන්දමින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර ඇත්නම් ඒක බරපතල අපරාධයක්. අමනුස්සයන් මෙන් මේ ආකාරයට කටයුතු කළ හැකි දැයි සිතා බැලිය යුතුයි.

සතෙකුටවත් හිංසා කිරීමට සැබෑ මනුස්සයින්ට නම් කළ නොහැකියි. ඒ නිසා මේ චෝදනා ඇත්ත නම් ඔවුන්ගේ පවුළේ සියලු දෙනාම මානසික වෛද්‍ය පරීක්ෂාවකට ලක් කළ යුතුයි. අනික් කාරණය තමයි අඩු වයස් දරුවන් මේ අන්දමට නිවෙස්වල බැළ මෙහෙවරකම් කිරීමට යොමු කිරීම සම්බන්ධව ඒ මව්පියන් ගැනත් සොයා බැලීමක් කළ යුතුයි. දුප්පත්කම හෝ අඟහිඟකම් තිබිය හැකියි.

ඒ මව්පියවරු දැන් කියන්නේ ණය මුදලක් පියවීමට තිබු නිසා ඒ ගැහැණු දරුවා මෙහෙකාර කමට දුන්නා කියායි. එතකොට පැහැදිළීව පෙනෙනවා මුදල් අපේක්ෂාවෙන්ම ඒ දරුවා විකුණළා කියළා. ඒ නිසා අඩු වයස් දරුවෙක් මේ අන්දමින් මෙහෙකාර සේවයට යෙදවීම ගැන ඒ මව්පියන්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කොහොම වුනත් මෙවැනි අමනුස්ස ක්‍රියාකාරකම් ශිෂ්ට සමාජයක් විසින් අනුමත කරන්නේ නැහැ.මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙනවා. දැන් හෙළිදරව් වන කාරණා අනුව රිෂාඩ් බදුර්දීන්ලා තම ගෙවල් ඇතුළේ මෙහෙකාර සේවය කරන අහිංසක දරුවන් හා කාන්තාවන් සම්බන්ධව කටයුතු කර තිබෙන ආකාරය ඉතාමත් නින්දිත යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us