Helabima

මැණික් පොකුර ගැන ගොටාභය රාජපක්ෂ පාලිත කොහොනට රහසේම පැවසුවේ කුමක්ද





රත්නපුර ලිදකින් හම,උ වූ මැණික් පොකුර සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් විවිධ විමසීම් කර ඇති බව මැණික් හා මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

චිනයේ මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් සිටින හෙයින්  මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පෞද්ගලිකවම උපදෙස් ලබාදී ඇත

රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය .

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.

මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.

කිසියම් ස්ථානයක විශේෂ ආරක්ෂක රැකවරණය යටතේ තැන්පත් කරනු ලැබ ඇති මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us