Helabima

රවී කරුනායකට එරෙහි අල්ලස් නඩුවේ අලුත්ම තත්වය






 කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා හමුවේ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුව  අද (02)   කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ

සැප්තැම්බර් මස 6 වනදා නඩුවේ දෙවන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇත.

මෙහිදී විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙසය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩුව දිනෙන් දින කල්යෑම වළක්වා ගැනීම සඳහා එම ඉල්ලීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙස විනිසුරුවරයා නියම කර තිබේ.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us