Helabima

අද සිට උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ක්‍රමයක්





අද (02) සිට මාර්ගගත ක්‍රමයට  (  ඔන්ලයින් හරහා ) උපත්, මරණ සහ විවාහ සහතික පිටපත්  ලබා ගත හකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි

 විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදු කර ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටත් ඉල්ලුම් කිරිමේ හැකියාව එමගින් ලැබෙන අතර ඉල්ලුම් කරන එම සහතික පිටපත් සීඝ්‍රගාමි තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර www.rgd.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 288 95 18 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us