Helabima

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් අරලියගහ මන්දිරයේදී රැස්වෙති





පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කෙරෙන අතර අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරුද්ධ මත ප්‍රකාශකර ඇති අතර ඒ පිළිබඳව ද අද දිනයේ සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us