Helabima

සංචරණ සීමා ලිහිල් කල හේතුව චන්න ජයසුමන පහදයි





කොරෝනා වසංගතය පාලනය වී ඇති ජනතාව වැරදි වැටහීමක්  ඇති කර ගත යුතු නැති බවත්  සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ඇති රාජ්‍ය සේවය අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යාමට බවත්   රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.


රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකුට පැවසිය නොහැකි බව ඔහ පවසයි 

ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටිනා බවත් සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා බවත් ඔහු පෙන්වා දෙයි.

සීමා ලිහිල් කිරීමෙන් අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙසත් එසේ කළහොත් තව සති දෙක තුනක් ඇතුලත විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us