Helabima

රටේ දැවෙන ගැටළුවක් අද ( 2 ) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට





මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව  ඉදිරිපත් කර තිබුනත් එය සාකච්ඡා කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම පත්‍රිකාව අද දිනයේ යළි සාකච්ඡා කිරීමට නියමිතය.


 ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබුණේ මේ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙසය.
කෙසේවෙතත් මෙවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු අධ්‍යාපන, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල අද දිනයේ සිට සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබුණත් ගුරු - විදුහල්පති සංගම් අරම්භ කළ වර්ජනය අද  22 වන දිනටත් ක්‍රියාත්මක වේ.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,

"දැනටමත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව යන තත්ත්වයක තමයි මේ නිවේදනය දාලා තියෙන්නේ. අද දිනයේ පාසල්වලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි පැහැදිලිව කියලා තියෙන්නේ. හෙට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි කොළඹට රථ පෙළපාලියකින් ගමන් කරනවා."




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us