Helabima

හෙට ( 3 ) ජල කප්පාදුවක්






හෙට (03) පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.  

ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා (04) උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එම ප්‍රදේශ වන්නේ,

වත්තල - මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසක්.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us