Helabima

මීලග අස්ට්‍රසේනිකා තොගය ලබන සෙනසුරාදා දිවයිනට





ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා  මහතාගෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල පෞද්ගලික ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කර ඇත


එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා දිවයිනට රගන ආ අතර එහි දෙවන  තොගය ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර තිබේ.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us