Helabima

ඇමරිකාව ලංකාවේ ආයෝජනයට සැරසෙයි





බලශක්ති ක්ෂේත්‍රයට අදාළව අමෙරිකාව විසින්  මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී  හමුවී  සාකච්ඡා කර තිබේ

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති  අතර රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ විශේෂ කාර්ය සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමෙරිකාව සිය ස්තූතිය පළ කරන බවද මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කර තිබේ.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us