Helabima

ජී එල් පිරිස් ගෙන් ආයාචනයක්





අගෝස්තු මස අවසානයට පෙර  ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඉන්පසු රටේ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 


සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බව කී ඇමතිවරයා එහි ප්‍රථම පියවර ලෙස ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම කරගෙන යන බව ද පැවසීය. 

ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us