Helabima

ආච්චි කියා ඇමතීම ගැන චිත්‍රාල් සෝමපාල කලකිරීමෙන්





දක්ෂ සංගීඥයෙක් වෙන  චිත්‍රාල් සෝමපාල මහතා ඉලක්ක කරගන පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ඔහුට " ආච්චි ." ලෙස අමතමින් නිර්මානය කල පෝස්ටු රාශියක් සංසරනය විය 

ඒ ගැන කලකිරීමට පත් ඒ මහතා සිය මුහුණු පොත් පිටුවෙ තබා තිබූ සටහනයි මේ
“හදවතින්, ඉතාමත් ගෞරවයෙන් මේ කියන්නේ …. මම මාගේ ජීවිතේට මට වඩා වයසක මනුස්සයෙකුට විහිලු තහලු කරලත් නැහැ කරන්නෙත් නැහැ මොකද ඒ මිනිස්සු ලෝකේ දැකලා තියෙන්නේ අපට කලින් සහ ඒකට අපි ගරු කල යුතුයි. නමුත් අද මම දකිනවා ආච්චී, ආත්තම්මා අරක මේක කියලා මීම්ස් හදලා මිනිස්සු අපිව විහිලුවකට අරගෙන විනෝද වෙනවා, කමක් නැහැ …. එක පාරක් දෙපාරක් හොඳයි නමුත් මේකේ අවසානයක් තිබිය යුතුයි …. දැන් කියයි මට රිදිලා එතකොට මට හර්ට් වෙලා කියා, පොඩ්ඩක් හිතන්න ඕගොල්ලෝ වෙනුවෙන් අපි සින්දු හදලා ඕගොල්ලන්ගේ දුක සතුටකට පත් කරන්න අපි ලොකු ගැම්මක් ගන්නවා ඉතින් එහෙම මිනිස්සුන්ට ගරු කලොත් නරකද? ඕගොල්ලෝ වෙනුවෙන් අපි යමක් මේ සෝෂල් මිඩියා වල දානකොටත් එතනට ෆේක් ප්‍රොෆයිල් වලින් ඇවිත් කුණුහරප පතුරලා අපහාස කරන එකද වැදගත් කම කියන්නේ ? ලංකාව කියන්නේ වැදගත් මිනිස්සු හිටපු රටක්, නමුත් අද හරිම කනගාටුයි මේ රටේ මිනිස්සුන්ගේ බංකොලොත් හැසිරීම ගැන, කලාකරුවෝ කියා ගන්න සම හරක් උනුත් මේවාට වග කිය යුතුයි මොකද මේවා වලින් දෙන්නේ නරක ආදර්ශයක්. ඉතින් අහන්න දෙයක් යෑ සුන්දර කලාව ගමන් කරන්නේත් වැරදි පැත්තට, මේ දේවල් වලට අපි වෙනුවෙන් විරුද්දව කතා කලොත් ඒ මිනිස්සුන්ටත් හම්බවෙන්නේ මඩ, මඩ ගහනවා කියන්නේ වීරකමක් නොව නිවට නියාලු කමක් කියා මතක තියා ගන්න. ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට ජයවේවා







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us