Helabima

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්වය භයානක අතට






විවිධ රෝග සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් දිනකට  15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බව  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.


අද (02) පස්වරුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජී. විජේසූරිය මහතා මේ බව සඳහන් කළේය.

"මේ වනවිට රෝහල තුළ තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. රෝහල තුළ රෝගීන් 70 ගණනකට දෛනිකව ප්‍රතිකාර කරනවා. අපි බොරැල්ල ප්‍රදේශයේ, රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබා ගත්තා කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ යන තත්ත්වය අනුව ඒ ඉඩකඩත් මදි වෙයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ස්ථානයක් දැනට සොයාගෙන තියෙනවා. දරුවන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6යි තියෙන්නේ. ඒ 6ම දැන් පිරිලා තියෙන්නේ."


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us