Helabima

ලංකාවේ එන්නත්කරණය ගැන WHO සතුටින්





ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ගේබ්‍රියේසස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත් කිරීමට දක්නට ලැබීම සතුටට කරුණක් යැයි සඳහන් කරයි.


 ජනගහනයෙන් සියයට 10ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කිරීම සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීම රජයේ ඉලක්කයයි 

වයිරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති මහජන සෞඛ්‍ය සහ සමාජ ක්‍රියාමාර්ගවලටත් නිරන්තරයෙන් අවධානය සිටීම සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු පවසා ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවුඩය ස්තූතිය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ප්‍රතිශක්තිකරණය තහවුරු කිරීමට කැප වී සිටින බවත් සියලු දෙනා එක්ව විජයග්‍රාහීව නැගි සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කර ඇත.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us