Helabima

අරලියගහ මැදුරේ උණුසුම් තත්වයක්





අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවතී අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  එම රැස්වීම දැඩි  උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

එම මන්ත්‍රී කණ්ඩායම අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සුළු පක්ෂවල මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර ඇත.

ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

ඒ අනුව මන්ත‍්‍රී කණ්ඩායම් හමුව විසදුමකින් තොරව අවසන් වී ඇත







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us