Helabima

ඇදිරිනීති අවසන් වන දිනය ගැන විශේෂ නිවේදනයක්





සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඇදිරි නිතිය තවත් දීර්ඝ නොකරන බවත් , නැවත දීර්ග කිරීමට තීරණය වුව හොත් එය දැනුම් දෙන බවත් අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේය 

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා 

“මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවට පත් වෙමින් ජීවිකාව කරගෙන යාමට ඉතා ම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් තමයි යම් කිසි ප්‍රමාණයක බුරුලක් ලබලා තියෙන්නෙ ඔවුන්ගේ ආර්ථිකය පවත්වා ගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, වැවිලි ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙන්නේ. “







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us