Helabima

වැලිකඩ ගිය සුරුපිනිය ගැන හෙළිදරව් වේ





ලොහාන් රත්වත්ත මහතා සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය සුරුපිනිය විවාහක රු රැජින පුෂ්පිකා බව පැතිර යන පුවත ඇය විසින් ප්‍රතික්ෂේප කරන අතර ඒ පිළිඹදව අරුණ පුවස්ත්පත් වෙබ් අඩවියේ පළවූ වාර්තාවකි මේ 


මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා ප්‍රතික්ෂේප කළද ඇය එම ස්ථානයට ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කරයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් පෙරේදා (15 වැනිදා) ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ සමග බන්ධනාගාරයේ එල්ලුම් ගස් බැලීමට ගිය රූ රැජින පුෂ්පිකාද සිල්වා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ‘අරුණ’ට ඊයේ (16 වැනිදා) පැවසීය.

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය පිරිස අතර විවාහක රූ රැජින කිරුළ හිමි තැනැත්තියක්ද සිටි බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමත් සමග පුෂ්පිකා ද සිල්වා සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ‘‘මම එතැනට ගියේ නැහැ කියලා වගකීමෙක් කියනවා. ඔය කතා බොරු’’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණි


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us