Helabima

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තඹ කම්හල ලබා ගන්න විමල්ගේ වෑයමක්






වැල්ලම්පිටියේ පිහිටි  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් පවුලට අයත්ව තිබු දැන්  රාජසන්තක කර ඇති තඹ කර්මාන්ත ශාලවට ක්ෂේස්ත්‍ර චාරිකාවක යෙදුනු කර්මාන්ත අමාත්‍ය ය විමල් වීරවංශ   එය තම අමාත්‍යංශය යටතට ගැනීමට සුදානම් බව පැවසිය 


වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා 

පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපළක්.

එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට.

මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍රසූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතුයි. එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us