Helabima

උල්කාපාතයක් වහල කඩාගෙන ඇදට වැටේ





කැනඩාවේ බ්‍රිතිෂ් කොලොම්බියා හි වෙසෙන  රූත් හැමිල්ටන් නමැති 66 හැවිරිදි කාන්තාවක්  පසුගිය 4 වෙනිදා රාත්‍රියේ අගේ නිවසේ ඇද  මත නිදා සිටින අවස්ථාවේදී ඇගේ ඇද   මතට උල්කාපාතයක් කඩා වැටි ඇත 


එම කාන්තව මාද්යට අදහස් දක්වමින් පැවසුවේ 


එදා සුපුරුදු විදිහටම මම නිදන කාමරයේ නිදාගෙන හිටියා. මම ඇහැරුණේ බල්ලා බුරන සද්දෙට. ටික වෙලාවකින් මහා ශබ්දයක් එක්ක මොකක් හරි දෙයක් කඩාගෙන වැටුණා. ලොකු පිපිරීමක් සිදුවුණා වගෙයි මට ඇහුණේ. මම හොඳටම බය වුණා. මම ඇඳෙන් පැනලා ගිහින් විදුලි පහන දල්වලා බලද්දි මම දැක්කා ඇඳට උඩින් වහලය හිල් වෙලා තියෙන බව . මම වහාම හදිසි ඇමතුම් අංකයට කතා කළා. ඊට පස්සෙ තමයි මම දැක්කෙ ඇඳ උඩ ලොකු ගලක් වගේ දෙයක් තියෙන බව


එම ගල පරික්ෂාවට ලක් කල කැනඩාවේ බටහිර විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායමක් මෙය උල්කාපායක් බව තහවුරු කර ඇත 

මෙය අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ඇස්ටරොයිඩ වළල්ලේ සිට  පැමිණි උල්කාවක් බවත් කාන්තාව මතට එය කඩා වැටුණි නම් ය මිය යන බවත් විශේෂඥයන් කණ්ඩායම ප්‍රකාශ කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us