Helabima

පාසල් ආරම්භ කිරීම සමග ගුරු සිසු ගැටළුවක් ඇති වන ලකුණු





දීර්ඝ කාලයකට පසු නැවත පාසල් ආරම්භ කිරීමේදී පෙර පවතී ගුරු සිසු  සබඳතාව සහ අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම පිළිඹදව ඉක්මන් නොවිය යුතු බවත් එයට යම් කාලයක් ගතවනු ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සායනික මනෝවිද්‍යාඥ ලේඛා අත්තිඩිය මහත්මිය ප්‍රකාශ කලය 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවතවු  මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය 


අපි හැමෝම තේරුම්ගන්න ඕනෑ හරි ම Ideal situation බලාපොරොත්තු නොවී මේ ගමන ආරම්භ කරනවා නම් හොඳයි. මොක ද ගුරුවරුන් අපි වගේ ම මිනිස්සු කණ්ඩායමක්. එතකොට ඒගොල්ලොත් එන්නේ ලොකු ප්‍රෙෂර් එකක් එක්ක. එයාලටත් task එකක් තියෙනවා කරන්න. දරුවා ඉගෙන ගන්නවා ගුරුවරයා උගන්වනවා. හැබැයි මේ කාටවත් හොඳ ම performances පෙන්වන්න බැරි වේවි. පොඩි කාලයක් අපි මේක සූදානම් වෙවී යන්න වෙනවා.

ගියපු ගමන් ම අපිට තිබුණු setup එක ඒ විදියට ම ලැබෙන්නේ නැහැ. මේක අපි හැමෝම පිළිගන්න වෙනවා. මේක පිළිිගන්නේ නැතිව විවේචනය කරන්න ගියොත් එහෙම අපි හැමෝම අමාරුවක. අපේ තියෙන ලොකු ම දුර්වලකමක් තමයි අපි හැම වෙලාවේ ම ඍණ පැත්ත තමයි highlight කරන්නේ. එහෙම කරලා ඉතුරු ටිකත් නැති කර ගන්නවා. Ideal situation පැත්තක තියලා අපි යන ගමනට හැමෝම පොඩි උදව්වක් දෙන්න ඕනෑ. ලොකු බලාපොරොත්තු වීම් නැතිව ප්‍රායෝගිකව මිනිසුන්ට කරන්න පුළුවන් තත්ත්වය බලාපොරොත්තු වෙන්න ඕනෑ. ඒකට මනස හදාගෙන උදව් කළොත් මේ ගමන යන්න පුළුවන්."




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us