Helabima

කෝටි ගණක වාහනත් එක්ක චිචීගෙ මෝටර් රථ ධාවන තරගය





අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ විසින් මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව වාර්තා වන්නේ දෙසැම්බර් 14 වැනිදා කටුකුරුන්ද ධාවන පථයේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.
අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂ විසින් 2013 වසරේදී මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී පැවැත්වූ මෝටර් රථ ධාවන තරගයද එදවස දැඩි ආන්දෝලනයට ලක් විය.

මෙවර චිචි මෝටර් රථ ධාවන තරඟයට ඉදිරිපත්වීම සදහා මෝටර් රථයක්ද මිලදීගෙන ඇතැයි ආරංචිමාර්ග පවසයි. එම මෝටර් රථය රුපියල් කෝටි එකහමාරක් වන අතර මෙම මෝටර් රථයට යෙදීම සදහා ටයර් හතරක් ඩුබායිහි සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇත්තේ රුපියල් ලක්ෂ අටක් මුදලකට බවද පැවසේ.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us