Helabima

බලාගාර 5කර තෙල් නැහැ. රට අදුරට





ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමේ අර්බුදයක් පැන නැඟී ඇත. එම නිසා ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව පැවසේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් මෙම තත්වය හට ගත් අතර මේවන විට කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. එමෙන්ම බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මාසයකට ආසන්න ප්‍රමාණයක් ගබඩාවල පවතින බව ද පැවසේ.

ඒ අනුව පැවසෙන්නේ අනෙක් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ජනවාරි මැද වන තෙක් ප්‍රමාණවත් බවයි. මේ දිනවල විදුලි උත්පාදනය සියයට හැටපහක්ම ජල විදුලියෙන් ලබා ගන්නා අතර සියයට විසි හයක් නොරොච්චෝලෙන් ලබා ගනිමින් සිටී.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us