Helabima

රජය කියන ගණන් බොරු. කොවිඩ් දෙගුණයකින් වැඩියි





පසුගිය සති කිහිපයේදී රජය ඉදිරිපත් කරන දත්ත වලට වඩා රෝගීන් ගණන සති කිහිපයක් තුළදී දෙතුන් ගුණයකින් වැඩි වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය 16වනදා කොවිඩ් රෝගීන් 532ක් ලෙස සෞක්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළද එදින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 300ක් ද අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 149ක් ද බණ්ඩාරවෙල නගරයෙන් රෝගීන් 61ක් වශයෙන් වාර්තා වී ඇත. මෙකී වාර්තාවන අනුව ද සලකා බලමින් එම සංගමය පවසන්නේ නොකියවෙන රෝගීන්ගේ ප්‍රමාණය වැඩි බවය. එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක වලින් ද රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us