Helabima

සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි අංශ වාර්තා 340ක් දීලා





සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන් ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් වියහැකි බැවින් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නිසි පියවර ගන්නැයි තමා 2015 වසරේ සිට 2019 වසර දක්වාවූ කාලය තුළදී බුද්ධි වාර්තා 340ක් පමණ ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා හා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි නමුත් 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප‍්‍රහාරය එල්ලවන තුරුම ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැතැයි හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ප‍්‍රකාශ කළේය.

පුත්තලම වනාතවිල්ලුව ප‍්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම හා මාවනැල්ල බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීම වැනි සිද්ධි සම්බන්ධයෙන් සිය නිලධාරීන් රැස්කළ බුද්ධි තොරතුරු අනුව සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන්ගේ නම් ගම් හා ඔවුන් පදිංචි ලිපිනයන් සහිතව එකී තොරතුරු ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේය.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us