Helabima

කින්නියා ඛේදවාචකයට සජබෙ වැඩක්. මේක මිනීමැරුමක්





කින්නියා පාරු පාළමෙන් රැගෙන ගිය දරුවන් ඇතුළු පිරිසට නියමිත පරිදි ජීවිතාරක්ෂක කබා ලබා දී නොතිබූ බව වාර්තා වී ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

මෙම පාලම් පාරුව සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය පාලනය කරන කින්නියා නගර සභාව බවත් පසුගිය යහපාලන ආණ්ඩුව 2015 වසරේ කිසිද ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම පාලමට මුල් ගල තබා තිබූ බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් සිදුකළේ වර්තමාන ආණ්ඩුව බවත් ඔහු පැවසුවේය.                      

මෙම පාළම ඉදිකරන තුරු ජනතාවට භාවිතය සඳහා මාර්ගයක් ලබා දුන්න ද එය කි.මී. 3ක් දුර නිසා ජනතාව එය භාවිත කිරීමට අකමැති වූ බව ද එහෙයින් විපක්ෂයේ නගර සභාවක් විසින් සිදුකරන ලද වරදක් ආණ්ඩුව මත පැටවීමට උත්සාහ නොකරන ලෙසත් මෙය මිනී මැරුමක් බවත් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවේය




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us