Helabima

විදුලි සේවක වර්ජනය ඇරඹේ - කළුවරේ සිටින දවස අතළඟ





කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු, විදුලිබල පනත වෙනස් කරන්න හදනවා. ඒ හරහා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩනවා. යුගදනවි බලාගාරයේ 40%ක් දෙනවා වගේ විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණන්න හදන්නේ. ඊට පස්සේ කියයි ලක්ෂපාන විකුණනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා 

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් - "මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි වරායේ අක්කර 13ක ඉඩම, ඒවයේ සේවාවන්, තෙල් ඒකාධිකාරිය ඉන්දීය ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. IOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න හදනවා. මෙය පරාජය කළ යුතුයි."




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us