Helabima

පරණ විදිහට රට දියුණු කරන්න බැහැ ගංජා රට පටවමු





ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට විශාල අවස්ථාවක් ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇති කළ යුතු බව ද යාපනයේ දූපතක් තෝරාගෙන ලොව පුරා ධනවත් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කළ හැකි බව ද වරාය නගරය ආකාරයෙන් සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවද එය සාගරයේ ඉදිවන පළමු සත්තු වත්ත ලෙස ද වාර්තා වනු ඇතැයි ද ඔහු පැවසුවේය.

තවද විදේශ විනිමය වෙනුවෙන් ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්චය දියුණු කිරීමත් කළ හැකි බවත් උද්දික ප්‍රේමරත්න සදහන් කළේය.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us