Helabima

ගෑස් වලින් පිපිරීමක් වෙලා නැහැ - වරද නිවසේ විදුලි පරිපථවල





ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බව රසපරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් පවසන්නේ ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිදු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බව මාධ්‍ය හමුවට එකතු වෙමින් ඔවුන් පැවසුවේය.

පිපිරීම් සිදු වූ ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතය සමඟ මිශ්‍ර වීම නිසා පුපුරා ගොස් තිබූ බවත් වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බවත් ඔවුන් පවසයි.

උදෑසන අවදි දී වූ විට නිවසේ වායු ගන්ධයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනේල් විවෘත කර ගන්ධය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නේය.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us