Helabima

විජේදාසගෙන් නව බල කඳවුරක්





රටට ගැලපෙන නව බල කඳවුරක් නිර්මාණය කිරීමට තමන් සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

පුද්ගලික මාධ්‍ය ආයතනයක සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සජීවී සංවාදයකට එකතු වෙමින් ඔහු ඒ බව පවසා තිබිණි. රාජපක්ෂ මෙන්ම රනිල් බල කඳවුරු දෙකේම සැලසුම් ඉලක්ක තමන් හොදින් දන්නා බවත් තමන්ට ජන්දය ලබා දුන් ජනයාගේ අභිලාෂයන් වෙනුවෙන් ආණ්ඩුවේ රැඳී සිටින බවත් ඔහු පැවසුවේය.

රටට ජනතාවට නොගැලපෙන ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවකදී තමන් විවේචනය කරන බවද පවසමින් ඔහු සඳහන් කළේ තමන් නව බල කඳවුරක් නිර්මාණය කරන බවත් එය සුදුසු අවස්ථාවේදී සිදු කරන බවත්ය.


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us