Helabima

සංචාරක අධිකාරිය නොකළ වැඩ යොදා පිල්ලි පිට පිල්ලි ගහලා





සංචාරක සංවර්ධන අධිකාරිය කතරගම සංචාරක නිවාඩු නිකේතනය සඳහා පසුගිය රජය සමයේදී වැයකළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලින් කෝටියකට වැඩි මුදලක් නොකළ වැඩ කොටසක් වෙනුවෙන් ගෙවා ඇතැයි කෝප් කමිටුව අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පොදු වියාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව විමර්ශනයක් අරඹා ඇත.

වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස මේ සම්බන්දයෙන් කරුණු සොයා බැලූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කමිටුවක් නිර්දේශ කර ඇතත් මේ දක්වා ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත.සිද්ධියට සම්බන්ද පුද්ගයලයට අවවාදානාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇත. විගණන නිරීක්ෂණ වලට සහ නිර්දේශවලට නිසි පියවර ගැනීම සෑම ආයතනයකම වගකීමක් බව කෝප් කමිටු සභාපති මෙහිදී පෙන්වා දී ඇත.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us