Helabima

කත්‍රිනා සහ විකිගේ විවාහය හෝටල් 45ක





1983 ජූලි 16 හොංකොං හිදී උපත ලද කත්‍රිනා බ්‍රිතාන්‍ය පුරවසිභාවයක් සහිත කාන්තාවක් වන කත්‍රිනා කයිෆ් අද වන විට බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ ඉහළම වැටුප් ලබන නිළියකි. ඇය ගැන වාර්තා වන තොරතුරු වලට අනුව පැවසෙන්නේ ඇය විවාහ වූ බවක්. වසර දෙකක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසු කත්‍රිනා කයිෆ් සහ  විකී කෞෂාල් බ්‍රහස්පතින්දා විවාහ ගිවිස ගෙන ඇත. බොලිවුඩයේ සුපිරි තරු දෙපලක්  වන මොවුන් 2018 වසරේ කරන් ජොහාර්ගේ වැඩසටහනක් තුලින් හමුවී ඇත. 

පසුව  2019 වසරේ සිට පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවයේ කිරුළු දරමින් පසුගිය දෙසැම්බර් 9 දා විවාහ ගිවිස ගත්තාය. ඒ අනුව විවාහ ගිවිස ගැනීම පසුගිය 7, 8 සහ 9 දිනයන්හිදී රාජස්ථාන් ප්‍රාන්තයේ සවායි මධෝපූර්හි සුප්‍රකට නිවාඩු නිකේතනයක් වන Six Sense Fort Barwara හි අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත. මොවුන්න්ගේ විවාහ මංගල්‍ය 2022 වසරේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීමට යොදාගෙන ඇති බවත් පැවසේ. මිට අමතරව  විවාහ මංගල්‍ය උත්සව සඳහා රන්තම්බෝර් සහ ඒ අවට හෝටල් 45 ක් පමණ වෙන් කර ගෙන ඇති බවද  ඉන්දීය මාධ්‍ය පවසයි.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us