Helabima

වී අස්වැන්න 40% 50%කින් අඩු වෙයි - සහල් පිටරටින් රු 300ට





පොහොර ගැටලුව නිසා මාස් කන්නයේ වී අස්වැන්න සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බවට ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් පවසයි. සාමාන්‍යයෙන් මාස් කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් වන අතර යල කන්නයේදී ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 48ක් පමණ වන අතර ඉන් වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ බිත්තර වී වශයෙන් භාවිතා කරයි.

රටේ වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර සාමාන්‍යයෙන් මාස් කන්නයේ වී අස්වැන්න තුළින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක අධික ප්‍රමාණයක් ලබා ගත හැකිවේ. ඒ අනුව සහල් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට පිටරටින් සහල් ගෙන්වීමට සිදුවනු ඇත. ඒ අනුව පැවසෙන්නේ සහල් මිල අලුත් අවුරුද්දත් සමනග රුපියල් 200ත් 300ත් අතර මිලකට ඉහළ යා හැකි බවය. 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us