Helabima

ගුරු සේවය සංවෘත සේවාවක් වෙයි





ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර ඇත. ඒ අනුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වේ. මෙය රාජ්‍ය සේවා කොමිසමේ එකඟතාව මත එය නිකුත් කර ඇති අතර පසුගිය අගෝස්තු 30 වනදා සිට බලාත්මක වේ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us