Helabima

ටික්ටොක් සල්ලාලයාට බිලිවූ දැරිය - දෙමවුපියනි දරුවන් ගැන අවධානයෙන් ඉන්න





එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන ටික්ටොක් කිරි සමන් යන තරුණයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔහු ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැරිය එකොළොස් හැවිරිදි අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ. ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ.

2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හඳුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකු ද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ “ටික්ටොක් කිරි සමන් ” නමැත්තා ද හඳුනාගෙන තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us