වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 ක් - වැඩිම පිරිස රුසියාවෙන්
මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාන්ඩුවෙන් බවත් සංචාරකයන් 6963 ක් ඒ අනුව රුසියානු සමූහාන්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,94,495කි. ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 03 තුලයි. එම මාස 03 ක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571 කි.
පසුගිය සති 02 තුල රුසියානු සමූහාන්ඩුවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලිනි.සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.