Helabima

ගෝලීය සන්නිවේදන ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේ මුල් කාර්තුවේදි





සංචාරක පැමිණීම් වර්ධනය වීමත් සමග මේ වන විට එම ක්ෂේත්‍ර යේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළු වලටද  කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහල නංවා ගැනිම සදහා රජය ගත යුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවද කීවේය.

මේ වසරේ ලෝකයේ විවිධ රටවල් වල පැවැත්වෙන සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාව දැනටමත් සැලසුම් කර තිබේ.මීට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් හදුනාගත් රටවල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.මීට අමතරව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගෝලිය සන්නිවේදන වැඩ සටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර මේ වසරේ මුල් කාර්තුව තුළ එය දියත් කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.  
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us