Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

මහින්දගෙ 3000ත් එක්ක තමයි 10000ක් දෙන්නේ



මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ රජයේ සේවකයන්ට නව රජයේ අතුරු අයවැය මගින් ලබාදුන් රුපියල් 10000 ලැබෙන්නේ දීමනාවක් ලෙසින් බවයි.

රජයේ සේවකයන්ට ඉකුත් දෙසැම්බර් මාසයේ සිට ලබාදෙන රුපියල් 3000 ක මුදලද මෙම රුපියල් 10000 දීමනාවට අයත්වන අතර දැනටමත් හිමිවන රුපියල් 3000 දීමනාවට අමතරව පෙබරවාරි මාසයේ පටන් තවත් රුපියල් 5000 ක්ද ලබන ජුනි මාසයේ තවත් 2000 ක්ද වශයෙන් රුපියල් 10000 ක දීමනාවක් හිමිවන බව මුදල් අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙක් සදහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබද යෝජනා අවලංගු වන බවද දෙසැම්බර් මාසයේ සිට රුපියල් 3000 දීමනාවක් ලබාදීමත් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 15000 ක් බවට පත් කිරීමත් සහ රාජයේ සේවකයකුගේ අවම වැටුප් ආදායම රුපියල් 25000 බවට පත්කිරීමත් එම යෝජනා වල ඇතුළත් විය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'