Helabima

ජනප්‍රිය තීරණ නැති උනාට රට හදනවා. ජනතාව උසි ගන්වන්න එපා ජනපති ඉල්ලයි






ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර, එහි රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට, පාතාලය මැඩලීමට, ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් රජය සිදු කර ඇති බවය. එහිදී යටිතල පහසුකම් නැංවීම, පොලිස් ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තු වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට, ඩිජිටල් අවකාශය වැඩි කිරීම, සෞක්‍ය කෘෂි  ඇතුළු ජනප්‍රිය නොවන තීන්දු රැසක් මේ වන විට රැගෙන ඇති බවයි. සියල්ල පහදමින් ජනාධිපති, ජනතාව බොරු දේවල් පවසා උසි ගන්න එපා යායි දේශපාලන පක්ෂ වලින් ඉල්ලීය. තාක්ෂණයෙන් බලගැන්වුණු රටක් නිර්මාණය කිරීමට රජය කටයුතු කල බව ද ඔහු පහදා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර, විවිධ දේශපාලන පක්ෂ අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලුදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ, රටේ යහපතයි. ගෝලීය ව්‍යවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයින් ලෙස අප සියලුදෙනාට ම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ දී ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා. කෙටි කාලීන ගැටලුවලට සාර්ථකව මුහුණදෙන අතරම අපේ මුලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලින සංවර්ධන වැඩපිළිවෙල නොනැවතී ක්‍රියාත්මක කිරීමයි.”

ජාත්‍යන්තර ප්‍රජාවගේ නිරීක්ෂණවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සුදානම්, පවතින ආර්බුදකාරි තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් එක්ව කටයුතු කිරීම ජාතික වගකීමක්, දරුවන්ට හොඳ අධ්‍යපනයක් මෙන්ම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කළා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය ශක්තිමත් කිරීම අවශ්‍යයි, නීතියේ ප්‍රමාදයට විසඳුම් ලබාදී විශ්වාසදායි ලෙස අධිකරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා, අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කර තිබෙනවා, අඩු ආදායම්ලාභි ජනතාවට අධිකරණ කටයුතු සිදුකරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා, කොළඹට සීමා වු ණය සහනදායක මණ්ඩල වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කර තිබෙනවා, ජනතාවාදී ආණ්ඩුවක මූලික කෙටුම්පතක් සකස් නිරීම සඳහා කටයුතු කර තිබෙනවා, දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය සහ ජලය සැපයීමේ කටයුතු සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතිනවා, 2025 වන විට කොළඹ වරාය ලොව කාර්යය බහුලම වරායන් අතරට එක්කරනවා, ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ආණ්ඩුව සංවේදී නිසාම ගොවි ජනතාවට නොමිලේ පොහොර පවා ලබා දුන්නා, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ.
එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා උක් ගොවියාන්ට හොඳ මිලක් ලැබෙනවා. යනුවෙන්ද පැවසුවේය .




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us