තවත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්
පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුපත් පෙබරවාරි මස සිට සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි
2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016( IV ) ට අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන් වලට අදාළ වැටුප් සංශෝධනයපිරිවෙන් ගුරුවරුන් සදහා ලබා දී නොමැති වීම නිසා මෙම පියවර ගෙන ඇත
ඒ අනුව පෙබරවාරි මස සිට ජනවාරි මාසයටද හිමි හිඟ වැටුප් ද සමග පිරිවෙන් ගුරු වැටුප් සංශෝධනය වනු ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.