බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදු කර ඇත.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය පවසයි. වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත ය.