නීලාගේ දේහය ලංකාවට
ප්‍රවීණ ගායිකාවක් වන නීලා වික්‍රමසිංහ සහ සංගීත අධ්යක්ෂවරියක් වූ අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය පවසයි. ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටි විශාරද නීලා වික්‍රමසිංහ හදිසි රෝගී කිරීමෙන් පසු එරටදී මිය ගියාය. දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලෙස ඇය ඉකුත් 29වනදා වැඩ භාර ගත්තාය. සරසවි, සුමති ආදී ලෙස සම්මාන රැසකින් ගෞරව ලැබූ ඇය කොලබ විශාඛා විදුහලේ සහ බණ්ඩාරගම මාධ්‍ය මහා විදුහලේ ආචාර්යවරියක ලෙසද සේවය කළාය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනීම් දීමට නියමිතය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.